කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලය සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ.
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මහතා හා KDU විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා හා එහි කාර්යය මණ්ඩලය සහ දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලයේ සේවය කරන විදේශික ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් මහතා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ආරම්භක දේශනය පවත්වමින්, විදේශ මුදල් ප්‍රභවයක් ලෙස ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා ජාත්‍යන්තර සබඳතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා අවධාරණය කළේය. අධ්‍යාපනය හා දැනුම පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ලෙස බිහිවීම සඳහා ශ්‍රී ලංකාව හැකියාව පවතින නමුත්, එය තවමත් විධිමත් අයුරකින් ප්‍රකාශ කර නොමැති බව එතුමා තවදුරටත් අවධාරණය කළේය.
මෙම වටිනා කාර්යයට සහය වීම සඳහා ස්වේච්ඡාවෙන් මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්වූ මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගේ සූදානම පිළිබඳව ප්‍රශංසා කළ මහ කොමසාරිස්වරයා, මහාචාර්ය ගෝමස් මහතා විසින් මේ සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා KDU හි උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා සහ කාර්ය මණ්ඩලය දැක්වූ උනන්දුව හා උද්යෝගය අගය කළේය.