සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදය පැවැත්විය යුත්තේ කවදාද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකඟතාවකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් විවාදය පැවැත්වීම ප්‍රමාද වීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
2023 අගෝස්තු 10 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වෙන විවාදය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතාට සහ ආණ්ඩු පක්ෂයට අවශ්‍යව තිබූ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට එකඟ නොවූ බව මාධ්‍ය වෙත වාර්තා විය.
“සමගි ජන බලවේගයේ සහ ප්‍රේමදාස මහතාගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20 ලෝක කුසලානය සඳහා වන වියදම් පිළිබඳ කල් තැබීමේ විවාදයට ප්‍රමුඛත්වය දිය යුතු බවයි,” මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සතියේම පැවැත්වෙන විවාදයට අමාත්‍ය රඹුක්වැල්ලද එකඟ වන බවද වාර්තා විය.
අමාත්‍ය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගයට සමගි ජනබලවේගය අනුග්‍රහය දක්වයි.