ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින විභාග අපේක්‍ෂකයන්ට ඒ සඳහා ප්‍රවේශ පත්‍රය www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
විභාග අපේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මේ වන විටත් නිකුත් කර ඇති බවත් එය නොලැබුණේ නම් පමණක් එම වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍රය ගත හැකි බව එම දෙපාර්තමේන්තුව කීය.
විභාග අපේක්ෂකයින් අවලංගු වූ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටි මධ්‍යස්ථානයේම නව ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටින්නේනම් නව ප්‍රවේශ පත්‍රය අවශ්‍ය නොවන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා පැවැත්වෙන අතර එහි දෙවන කොටස පෙරවරු 8.30 සිට 11.40 දක්වා ද, පළමු කොටස එදින පස්වරු 1.00 සිට 3.00 දක්වාත් පැවැත්වීමට නියමිතය.