කුලියාපිටිය ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් 14 හැවිරිදි තරුණයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට…

කුලියාපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් පෙරේදා සිදුවු මාරක රිය අනතුර සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු සහ 14 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ කුලියාපිටිය, කනඩුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් එය පොලිස් ස්ථානයට ගෙන යාමට උත්සාහ කිරීමේදී ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇත.

මියගොස් ඇත්තේ කුලියාපිටිය – කනඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි යතුරුපැදිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *