කුඩා ධීවර යාත්‍රා වලට ධීවර කටයුතු වල යෙදීමට අවසර

කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. ආදාළ අවසරය ප්‍රාදේශිය ධිවර කාර්යාල හරහා ලබා දිමට කටයුතු කරන බවටයි ධිවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

පසුගිය දින වල මෙරට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පැවති අයහපත් කාලගුණ තත්වය මත කුඩා ධිවර යාත්‍රා සදහා ධිවර කටයුතු වලට අවසර ලබා නොදිමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කළේය. කෙසේ වෙතත් මේ වන විට කාලගුණ තත්වය යම්තාක් දුරට යහපත් තත්වයට පැමිණ ඇති බැවින් ධිවර කටයුතු සදහා අවසර ලබා දිමට තිරණය කළ බවයි ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *