නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 51 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ කාන්තාව ත්‍රිකුණාමලයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක දී අද (25) අලුයම හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ජිවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරුව කරන ලද පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඇය කොරෝනා අසාදිත රෝගියෙක් බවටයි.
මෙම කාන්තාව පයාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය හෘදරෝග තත්වයෙන්ද පෙළුනු තැනැත්තියක් බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.