වහාම ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට කුකුළු සංගමය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කුකුළු සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව තහවුරු කළා.
මෙම හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ බඩඉරිඟු ආනයනික බද්ද රජය විසින් අඩු කර ඇති බවත්, දේශීය වෙළඳපොලේ කුකුල් මස් මිල පහත වැටීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත්ය.
ඒ අනුව බඩඉරිඟු යොදා නිෂ්පාදනය කරන සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණින් බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 75ක් පනවා තිබූ ආනයනික බද්ද අගෝස්තු 17 වැනිදා රුපියල් 25 දක්වා අඩු කෙරිණි.
රුපියල් 100කට වඩා මිල අඩු කරන ලෙස අමාත්‍යවරයා සංගමයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
පසුව එම සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරයාට කියා සිටියේ කුකුළු මස් කිලෝවක විකුණුම් මිල රුපියල් 100කට වඩා අඩු කිරීමට සලකා බලන බවයි.