කිරි අම්මා දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් පොකුරක්

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ, පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ, ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

අම්මාවරුන්ගේ දානයකට සහභාගී වූ මවකට කොරෝනා ආසාධනය වී ඇති බව හෙළිවීමත් සමග එම කිරි දානයට සම්බන්ධ පිරිස් ආශ්‍රයෙන් සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාධිතයන් පිරිස හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයට ඊයේ  සංචරණ සීමා පනවා වසා දැමීමට කටයුතු කල බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංග බලපිටිය මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.