හෙට (13) පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් කැලණිය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන්. ජල සැපයුම අත්හිටුවනු ලැබෙන්නේ පෑලියගොඩ, වත්තල-මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත, බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජේරාම මාවත, කේ.ඊ. පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්රදේශවලටයි.
2020-01-12