ගාලුමුවදොර අරගෙන කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූවායින් පසු ඒ පිළිබඳව සැලැස්මක් අරගලකරුවන් සතුව නොතිබූ බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මෙරට ජනාධිපති බවට පත්වී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
යම් හෙයකින් කැරැල්ලක් නිර්මාණය වුවහොත් කැරැල්ලක් මැඩ පැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.