පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව නව රජයේ වැඩ කටයුතු ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය. ඒ කුරුණෑගල පැවැති උත්සවයකට එක්වෙමිනි.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුළුතර ආණ්ඩුවක් ලෙස සහයෝගයෙන් ඉදිරි මාස තුනක කාලය ආණ්ඩුව පවත්වාගෙන යන බවයි. කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමේ දී ගැටලු මතු වූ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළ අතර සියලු දෙනා එකතුවී රට ඉදිරියට ගෙනයාමේ අරමුණින් පෞද්ගලික අවශ්‍යතා හා කැපකිරීම් සිදුකරන බවද කියා සිටියේය.