සෙස්නා සී ප්ලේන් ගුවන් යානය කැබලි කර කොළඹට

කටුනායක සිට විදේශිකයන් පිරිසක් රැගෙන යැමට නුවරඑලිය ග්‍රෙගරිවැව දක්වා පැමිණි සෙස්නා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදු කරන විමර්ෂන කටයුතු සදහා කැබලි කර කොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින් (09) දින පියවර ගැණින.

(07) දින කටුනායක සිට නුවරඑලිය දක්වා පැමිණි සී ප්ලේන් ගුවන් යානය නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩ බෑමට යැමේදි සිදු වූ අනතුරින් ගුවන් යානය ග්‍රෙගරිවැවේ අනතුරට පත් වී ගුවන් යානයේ ඉදිරිපස කොටස ග්‍රෙගරිවැවේ මඩේ සිරවීම නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට නොහැකි නිසා මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ලබා ගෙන (09) දින ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරිවැවේ බෝට්ටුකරුවන්ගේ සහයෝගය ඇතිව මඩේ සිරවී තිබූ අනතුරට පත් ගුවන්යානය ගොඩට ගෙන ග්‍රෙගරිවැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙන විත් එම ගුවන් යානයේ කොටස් ගැලවිමට පියවර ගෙන ඇත.

ගුවන් යානයේ කොටස් ගලවා කොළඹට රැගෙන ඒමෙන් පසු ගුවන් යානයේ අනතුරට හේතුව සොයා විමර්ෂණ කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධයක නිළධාරි දමින්ද රඹුක්වැල්ල මහතා පැවසීය.

අනතුරට පත් ගුවන් යානය දැක ලබා ගැනීමට විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *