කාර්මික විශ්වවිද්‍යාල සිසුවෙකු දියගම නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් වැටී මරුට

දියගම කාර්මික විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් වැටී මිය ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කහතුඩුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ රිකිලාගස්කඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවයි.

මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *