“ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව ආරම්භ කෙරිණි.
“හදවතින් යාපනයට – Clean Voyage of Unity ”තේමාව යටතේ අද සිට අගෝස්තු 20 දක්වා පැවැත්වෙන වැඩසටහන යටතේ කොළඹ සිට යාපනය බලා ගමන් ඇරඹූ යාල් දේවි දුම්රියෙහි ගමන් වාරය අතරතුර ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
එහි සමාරම්භක අවස්ථාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත් වුණු අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතාද එම අවස්ථාවට එක් විය.
ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය පිළිබඳව එම දුම්රියේ ගමන් ගත් මගීන් දැනුවත් කිරිම, පොදු දේපළ ආරක්ෂා කිරීම සහ ඒ පිළිබඳ ආකල්පමය පෙළඹුමක් ඇති කිරීම මෙන්ම, සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණු විය.
සිංහල හා දෙමළ කලාකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගනිමින් සංගීතමය වැඩසටහනක්ද මේ සඳහා එක් කර තිබිණි.


