කල්පිටියේ දූපතක් ඩොලර් මිලියන 417කට විදෙස් රටකට දෙයි.

කල්පිටියේ උච්චමුනි දූපතේ තරුපහේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට විදෙස් සමාගමක් සංචාරක සේවා අධිකාරිය සමග ගිවිසුමකට පෙරේදා (11 වැනිදා) එළැඹ තිබේ.

2000 වසරේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 417කි.

හෙක්ටයාර 1500ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම දූපතෙහි දැනට පවුල් 200ක් පමණ වාසය කරනු ලබයි.

වසර 30ක බදු පදනම මත මෙම භූමි ප්‍රමාණය ලබාදී ඇති අතර දැනට එහි වෙසෙන පවුල්වල යටිතල පහසුකම්ද නගා සිටුවමින් කටයුතු කිරීමට ආයෝජකයන් එකඟතාව පළකර තිබේ. 2020 වසරේදී මෙම ගිවිසුමට එළැඹීමට නියමිතව තිබුණද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය දෙවසරක් පමණ කල්ගොස් තිබුණි.

‌මේ සම්බන්ධයෙන් සංචාරක සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේතුංගගෙන් විමසූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ,

රටට විදෙස් විනිමය අවශ්‍ය මොහොතකදී විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳව තවත් ඉදිරියට අපට හැකි අයුරින් කටයුතු කරනවා. මෙම දූපතෙහි සිදුකරන ආයෝජන කටයුතු තවත් ආයතන රැසක අධීක්ෂණය යටතේ කිරීමට නියමිතයි යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *