LK reports news sinhala

කඩුලු අතරට ආ අකිලට යළිත් චෝදනාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළුෑ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත
බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර් ජාතික ක්‍රිකට් සභාව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති අතර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන මීට පෙරද විවිධ පාර්ශ්ව ගැටලු මතු කළ අතර කලක් ඔහුට පන්දු යැවීම තහනම් කර තිබිණි.

පසුව අදාළ ගැටලුව නිරාකරණය කරගෙන පන්දු යැවීමේ ඉරියව්ව සකස් කරගෙන ඔහු නැවත ජාත්‍යන්තර තරගවලට එක්වූ අතර නැවත කඩුලු අතරට පැමිණීමත් සමග යළි මෙසේ පැමිණිලි ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *