කඩුගන්නාවේදී විදුලි සෝපානයක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට

කඩුගන්නාව – පිළිමතලාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් 26 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලිතීන් බෑග් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක තෙමහල් ගොඩනැගිල්ලකින් භාණ්ඩ රැගෙන යමින් තිබූ විදුලි සෝපානයක් තුන්වන මහලේ සිට භාණ්ඩ පටවමින් සිටියදී කාන්තාවන් පිරිසක් මතට කඩා වැටීමෙන් බරපතළ තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ කාන්තාවන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

මියගොස් ඇත්තේ බලන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කඩුගන්නාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *