බූස්ස බන්ධනාගාර නිලධාරීන් කළ හදිසි මෙහෙයුමකදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුප‍්‍රකට අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර්ගේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකතන හා සිම්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාර ආරංචි පවසන්නේ මෙම මෙහෙයුම සිදුකරන අවස්ථාවේ කංජිපානි ඉම්රාන් නඩු කටයුත්තක් සඳහා රැගෙන ගොස් තිබූ අතර ඔහුගේ සිරමැදිරියේ සඟවා තිබූ ජංගම දුරකතනයක්, සිම්පත් දෙකක් සහ චාර්ජරයක් සොයා ගැනිමට හැකිවු බවයි.
එසේම පොට්ට නවුෆර්ගේ සිරමැදිරිය පරීක්‍ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබු ජංගම දුරකතනයක් සොයාගැනිමට හැකිවු බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කලේය.
මෙම ජංගම දුරකතන බන්ධනාගාරය තුළට පැමිණියේ කෙසේදැයි විමර්ශන සිදුවනවා.
මීටපෙරද කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකතනයක් සොයාගත් අතර ඉන්පසුව එදින රාජකාරී සිදුකල බන්ධනාගාර නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණා.