කංජිපානි ඉම්රාන්ගේ සමීප ඥාතියෙකු මාලිගාවත්තේදී වෙඩි තබා ඝාතනය කෙරේ

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සමීප ඥාතියෙකු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ මාලිගාවත්ත සංඝරාජ මාවතේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා පලාගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩි තැබීමෙන් පසු තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, පසුව තුවාල හේතුවෙන් මියගොස් තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *