‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් කතාවට සූදානම්

වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම්  17  ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවට අතිකාල දීමනා ලොකුවටම වැඩිකර තිබියදී  තවත් සතයක්වත්  වැඩි කළ නොහැකි  බව පැවසූ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව උපයන මුදලින් සියයට 70 ක් වැය කරන්නේ වැටුප් වලට සහ අතිකාල වලට බවද  ප්‍රකාශ කළේය.

මෙය දේශපාලන වුවමනාව වෙනුවෙන් සිදුවන වැඩවර්ජනයක් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දිගාමඩුළු දිස්ත්‍රික්  මන්ත්‍රී එස් එම්  උදුමා ලෙබ්බේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *