ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැරලා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එහි යකඩ සහ ඇස්බැස්ටස්ද සොරාගෙන ගොස් ඇති අතර ඒවායේ පාඩුව රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි බව එම වාර්තාවේ දැක්වේ.

කෙසේ වෙතත් ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය තක්සේරු කර නැතැයි ජාතික  විගණන කාර්යාලය  පවසයි.

ඒකල විකාශනාගාරය ස්ථාපිත කර ඇත්තේ අක්කර 15ක විශාල ඉඩමකය.

මේ අතර ඒකල සහ කරගහ තැන්න විකාශනාගාරවල 2023 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට වැඩි වටිනාකමට ස්ථාවර වත්කම් විකුණා තිබුණද වත්කම් විකිණීමට අදාල ගැලපීම් මූල්‍ය ප්‍රකාශනවල  අැතුළත් කර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *