එළවළු මිල පහතට

පසුගිය මාස කිහිපයේ විශාල වශයෙන් ඉහළ යමින් තිබූ එළවළු මිල අද (21) දිනය වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී විශාල වශයෙන් පහත පහත බැස තිබේ. යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම මීට හේතුවී ඇති බව වාර්තා වේ.

උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු වර්ග හැර අනෙකුත් එළවළු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැටී ඇත.

එළවලු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150- 300ත් අතර මිලයකට අලෙවි වූ අතර අද (21 ) වන විට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 – 80 දක්වා පහත වැටී ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් කියා සිටින්නේ එළවළු තොග ලැබීමත් සමඟ ඉදිරියේදී තවත් මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බවයි. යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොග ලැබීමත් සමගම කිලෝවක මිල රු 280 සිට රුපියල් 60 දක්වා පහත වැටි ඇති බව ඔවුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *