එල්ලේ නායකයා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් ලුතිනන් කර්නල්වරයෙකූ රිමාන්ඩ් කෙරේ

මට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මට්ටක්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයාව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.ජේ ප්‍රභාකරන් මහතා හමුවට පමුණුවනු ලැබීය.

මට්ටක්කුලිය පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මට්ටක්කුලිය පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන් කළේය.

අදාළ මිනි මැරුම සිදුකිරීම සඳහා එම සැකකරුවන් මෙහෙයවීම එම ලුතිනන් කර්නල්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ සැකකාර ලුතිනන් කර්නල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා උතුරු නැගෙනහිර ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකර ඇති හෙයින් බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *