එලවළු මිල සීඝ්‍රයෙන් ඉහලට…

මේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා ඇතැම් එලවළු වර්ග වල මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (13) දින නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසිය.

එලවළු සැපයුම අඩු වෙලා තියෙන්නේ මාස ගණනාවක් පොහොර නොමැති විම නිසා , ඒ සම්බන්ධයෙන් එදා පැවති රජයත් , ඇමතිවරයත් , නිලධාරින් අවධානය යොමු කලේ නැ .

පෙබරවාරි මස අපි කිව්වා ජුනි ජුලි වගේ වෙනකොට එලවළු හිගයක් ඇති වෙනවා කියලා , කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රු 400 යි , තක්කාලි කිලෝවක් රු 370 යි , කැරට් කිලෝවක් රු 220 -230 තව සතියක් පමණ යනකොට රු 300 පනිනවා.

ලික්ස් රු 100-120 , ගෝවා රු 100 , එදා අපිට පොහොර ටික දිලා අපි කියපු දේ ඇහුවා නම් අද මේක වෙන්නේ නැ.

අර්ථික මධ්‍යස්ථාන වලට අවශ්‍ය එලවළු ටික සැපයෙන්නේ නැ , අප්‍රේල් මස වෙනකොට ගැස් සහ ඉන්ධන ප්‍රශ්නය විසදුනා නම් අද වෙනකොට එලවළු හොයා ගන්න වෙන්නේ නැ.

ඒ ප්‍රශ්න නිසා තමයි අද එලවළු මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ.

මේ රජය පත්වුණාට පස්සේ ගොවියා පාරට වැටුණා , යුරියා මිටියක් රු 40000 යි , පොහොර මිටියක් රු 30000 යි , ටි.ඩි.එම් මිටියක් රු 37000 යි , මේවා ගොවින්ට දරා ගන්න බැ.

දඹුල්ල ප්‍රදේශයේ ගොවින් මිලග කන්නයට එලවළු වගා කරන්න කටයුතු කරලා නැ , පොහොර නැ , බෙහෙත් නැ , බිජ ටික නැ.

ගොවින් සන්තකයේ තිබෙන බිජ වගා කරන්නේ නැතුව ඉන්නවා පොහොර නොමැති නිසා.

නව අගමැතිවරයාවත් මැදිහත් වෙලා සාධාරණය මිලට ගොවින්ට පොහොර ටික ලබා දෙන්න.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කෘෂිකර්ම ඇමති වශයෙන් හිටිය හැරිසන් ඇමතිතුමාගේ ක්‍රියා කලාපයට වඩා සම්පුණයෙන්ම වෙනස් හිටපු කෘෂිකර්ම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය.

අවබෝධයක් නැතුව වැඩ කරපු නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ , නමුත් හැරිසන් මහතාට කෘෂිකර්ම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා , එතුමාට කෘෂිකර්මය සම්බන්ධයෙන් ඇමති ධුරයක් ලබා දුන්න හොත් හොදින් කරයි කියලා හිතනවා.

එතුමාට සහයෝගය දෙන්න පුළුවන් හොදින් කෘෂිකර්මය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන ලේකම්වරයෙක් ඉන්නවා ,හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර මහතා.

මෙතුමන් දෙදෙනාට භාරදුන්න හොත් කෘෂිකර්මය ගොඩගන්න පුළුවන් කියලා හිතනවා. යනුවෙන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *