එන්නත් කාඩ්පත නොමැති 30ට වැඩි පිරිස හරවා යැවේ

වයස අවුරුදු 30ට වැඩි එන්නත් එකක් හෝ ලබානොගත් පුද්ගලයින්ට බණ්ඩාරවෙල නගරයට ඇතුලුවීම අද දිනයේ වළක්වා තිබුණි.

පොලිස් මාර්ග බාධකවලදී පොලීසිය සහා ආරක්ෂක අංශ එක්වී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී එවැනි පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

එන්නත් ලබාගත් බවට දැක්වෙන කාඩ්පත් සහිත පුද්ගලයින්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා ගමන් කිරීමේ හැකියාව ලැබුණු අතර එසේ කඩ්පත් නොමැති පිරිස් හරවා යැවීම සිදුවිය.

බණ්ඩාරවෙල නගරයේ විශාල කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බැවින් එන්නත්කරණය සඳහා ජනතාව යොමු කිරීම වෙනුවෙන් එම පියවර අනුගමනය කරතිබූ බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *