සිංගප්පුරුවේ දී සිදු කරන ලද සැත්කමකින් පසු ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනෙකු පසුගියදා ගොස් ඇතැයි වාර්තා වේ.
එජාප සභාපති ඇමැති කබීර් හෂීම් සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇමැති සාගල රත්නායක එසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ගොස් ඇති අතර මීට පෙර අවස්ථාවක කබීර් හෂීම් මහතා අසනීප වූ විට ද ගෝඨාභය රාජපක්ෂ මහතා සුව දුක් බැලීමට පැමිණි නිසා ඊට කළගුණ සැලකීමක් ලෙස කබීර් හෂීම් මහතා ද එසේ ගොස් ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඊයේ(5) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇමැති නවීන් දිසානායක මහතා මේ පිළිබඳ දන්වා ඇති අතර මෙවැනි වකවානුවක එසේ යෑම දේශපාලන වශයෙන් අවාසියක් බවද පෙන්වා දී ඇත.
(උපුටා ගැනීම – lankacnews)