එජාපයේ පරාජයට හේතු හොයන්න රනිල්ගෙන් කමිටුවක්

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් ලැබී ඇති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම් කිරීමට සූදානම් බවට වාර්තා වේ. එම පක්ෂය වෙත ලැබී ඇති එකම මන්ත්‍රී ධූරය මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වන අතර පක්ෂය තුළ ආරවුලක් ඇතිවීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුර ලබාදීමට තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ දැවැන්ත පරාජයට හේතු සෙවීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට ද නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඉකුත් වසරේදී පක්ෂ සම්මේලනය විසින් සම්මත කරගත් යෝජනාවන්ට අනුව එජාප නායකත්වයෙහි වෙනසක් පිළිබඳ සලකා බැලිය හැක්කේ 2023 වර්ෂයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *