එකම පවුලේ පස්දෙනෙක් සිය දිවි නසා ගෙන

එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේ නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැල ලාගෙන සියදිවි නසා ගෙන ඇති බව එප්පාවල පොලීසිය පවසයි.

මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ, තුසිත සම්පත් බණ්ඩාර නම් 24 හැවිරිදි තරුණයෙකි.

ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ අද (02) සියදිවි නසාගෙන ඇත.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමඟ බහින් බස් වී මොහු සිය දිවි නසා ගෙන ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මෙලෙස සියදිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියක ද මීට පෙර සියදිවි නසාගෙන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මෙම තරුණයා සියදිවි හානි කර ගෙන ඇත.

මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරකු හා සොයුරියක තලාව ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවත් මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹ ගසක ගෙල වැල ලාගෙන තවත් සොයුරකු දිවි නසාගෙන ඇති බවත් වාර්තා වෙයි.

එසේම මෙම තරුණයා ගෙල වැල ලාගත් කාමරයේම ඔහුගේ තවත් සොයුරකු සිය දිවි නසා ගෙන ඇත.

ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනෙකුම වරින් වර සියදිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *