උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල්යන ළකුණු

මෙම වසරේ (2021) පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හා, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග කල්දැමීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වලින් අනතුරුව විභාග පැවැත්වෙන් කාල සීමාවන් ප්‍රකාශ කළ හැකි බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කර සිටියි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ විභාග දොපර්තමේන්තුවට නියමිත කාලවලදී විභාගය පැවැත්වීමේ හැකියාව ඇතත් දරුවන්ට කොරෝනා තත්ත්වය හමුවේ අධ්‍යයන කටයුතු නිසිලෙස සිදුකිරීමට අවස්ථාව නොලැබීම නිසා මාස කිහිපයක් අධ්‍යයන කටයුතු සිදුකිරීමෙන් පසු විභාගය පැවැත්වීමට අදහස් කරන බවයි. ඒ අනුව උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් දක්වා කල්දැමීමට අදහස් කර තියෙන බවත් අවසන් තීරණය ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *