Human Rights Commission of Sri Lanka (HRCSL)

උසස් පෙළ විභාග අවස්ථාවන්දී විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන් දන්වයි.

2022 අ.පො.ස උසස් පෙළ විභාග වලදී විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් HRCSL සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.

විභාග පැවැත්වෙන ඕනෑම අවස්ථාවක විදුලිය විසන්ධි කිරීම් කාලසටහන්ගත කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින බව මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වූ අතර එය 2023 පෙබරවාරි 17 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කිරීමෙන් වළකින ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ විභාගයට සූදානම් වන සිසුන්ට බාධාවකින් තොරව අධ්‍යාපන අයිතිය ක්‍රියාත්මක කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *