උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ඇරඹීමට තීරණයක්?

මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේන් (10) ආරම්භ වු අතර විභාගය දෙසැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

උසස් පෙළ විභාගයේ කටයුතු අද සාර්ථකව ආරම්භ වු අතර ඒ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

“ඊයේ දින නියමිත වේලාවටම විභාගය ආරම්භ වුණා. ඒ වගේම දිවයිනේ සියලුම විභාග මධ්‍යස්ථානවල කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි විභාගය පැවැත්වුණා. මේ වනවිට අපි සැලසුම් සකස් කරලා තියෙනවා විභාගය අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට. දරුවන්ට දෙන්න තියෙන පණිවුඩේ තමා නියමිත කාලසටහන පරීක්ෂා කරලා බලලා විභාගය ආරම්භ වීමට පැයකට පෙර නියමිත විභාග මධ්‍යස්ථානයට යන්න. පැය භාගයකට පෙර තමන්ට නියමිත ස්ථානයේ අසුන් ගන්න. ප්‍රවේශ පත්‍රය රැගෙන යන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *