එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වාලීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
පාලකයන්ගේ අසමත්භාවය වසා ගැනීමට උසස් පෙළ සිසුන්ගේ අනාගතය බිලිදීම නවතා දමනු යන මාතෘකාව යටතේ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබේ.
එහිදි ඔහු පෙන්වාදෙන්නේ මෙම වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.
කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ මිලේඡ් අරමුණක අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම හේතුවෙන් දරුවන්ට දැඩි ආසාධාරණයක් සිදුවන බවද විපක්ෂනායකවරයා පෙන්වාදෙයි.
නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම හේතුවෙන් දෙවන වර විභාගයට සුදානම් වීමට සිටින දරුවන්ට ඒ සඳහා ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් වඩා අඩු කාලසීමාවක් බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එමෙන්ම විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ ඇතැම් සිසුන්ගේ සරසවි සිහිනය ද බොදවනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වාදෙයි.