උද්දමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පසුගිය ජුනි මස උද්ධමනය පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පසුගිය මැයි මාසයේදී සියයට 0.6ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජුනි මාස සියයට 0.3ක් දක්වා පහත වැටී ඇති බව ද එම දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

මැයි මාසයේ සියයට 5.9 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේදී  සියයට 4.2 ක් දක්වා පහත වැටී ඇති බවත් මැයි මාසයේදී  සියයට -3.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ සියයට -2.8ක් දක්වා වැඩි වී ඇත බවත් එම නිවේදනය සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *