මාරවිල වෙඩි තැබීමේ සැකකරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

මාරවිල, මැද නාත්තණ්ඩිය ප්‍ර දේශයේදී මවකට සහ පුතකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමෙන් එම මව මියගොස් පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කිරීමේ සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් 5ක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

එම වෙඩි තැබීමෙන් නාත්තණ්ඩිය ප්‍ර දේශයේ පදිංචි චතුරානි එදිරිසිංහ නැමැති 30 හැවිරිදි කාන්තාවක මියගොස් තිබු අතර ඇයගේ අවුරුදු 10 ක පුත්‍රයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව සහ දරුවා නිවෙස අසලට ත්‍රි රෝද රථයකින් පැමිණ දුරකතන ඇමතුමක් ලබාගනිමින් සිටින අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙඩි තබා පලාගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *