උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යෑමට විශේෂ බස්රථ සහ දුම්රිය ගමන් වාර

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස්රථ සේවාවක් අද සිට අප්‍රේල් මස 15 දක්වා ක්‍රියාත්මක වන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. එම කාලය තුළ අමතර බස් රථ 400ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවසීය. ගම්බිම් බලා ගිය අයවලුන් නැවත කොළඹට පැමිණීම සඳහා බස් රථ කොළඹින් පිටත් කර යැවීමට වැඩ පිළිවෙලක් සකස් කරන බවද, ඒ සඳහා කොන්දොස්තර හා රියදුරු මහතුන්ගේ නිවාඩු පිළිබඳ තීන්දුව අදාළ ඩිපෝ වලට යොමුකර ඇති බවත් පැවසීය.

එමෙන්ම දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුවද අමතර දුම්රිය 21ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58ක් ද අද සිට ක්‍රියාත්මක බව බව සඳහන් කළේය. එම දුම්රිය කාල සටහන මෙසේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *