උඩරට දුම්රිය මඟේ සේවා දුම්රිය ඇරැඹේ

නාය යාම් හා පස්කදු කඩාවැටීම් හේතුවෙන්    හානියට පත්වූ උඩරට  දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින අතර එම මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා පරීක්ෂණ දුම්රියක් ධාවනය කරවීමට  අවසර ලබා දුන් බව   දුම්රිය දෙපාර්තමේන්තුවේ උඩපලාත දිස්ත්‍රික් ඉංජිනේරු දනූශ්ක දිසානායක මහතා පැවසීය.

අලුත්වැඩියා කරන ලද දුම්රිය මාර්ගය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂා කොට සහතිකයක් ලබාදීමෙන් පසුව මගී දුම්රිය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *