LK reports news sinhala

ඊ.පී.ඩී.පී පක්ෂයේ සහාය ගෝඨාභයට

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බවත් රට ඉදිරියට ගෙන යෑමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙක් අවශ්‍ය බවට රටේත් මතයක් ඇති බවත් ඊ.පී.ඩී.පී. පක්ෂයේ මහලේකම්  ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

අනිකුත් නායකයන්ට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විහ්වාසය පළ කළ හැකි බැවින් ඔහු  නම් කරනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට තම පක්ෂය තීරණය කළ බවත් ඩග්ලස් දේවානන්ද මහතා කියා සිටී.

තමන් නියෝජනය කරන ජනතාවගේ අවශ්‍යතාවය සලකා බලා තීරණයක් ගත යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා සමග දීර්ඝ කාලයක් කටයුතු කර ඇති බැවින් අනෙක් අපේක්ෂකයන්ට සාපේක්ෂව ඒ මහතා තම ප්‍රශ්නවලට කන්දී ඇති බවත් දේවානන්ද මහතා පවසයි. තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තම ජනතාවයේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවත් දේවානන්ද මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයත් සමග සහයෝගයෙන් කටයුතු කරන නිසා තම අවශ්‍යතා ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ඇතැයි තමා නොසිතන බවත් ඔහු කියා සිටී.

(Image – Asian Tribune)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *