ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ ලාංකිකයන් දෙදෙනෙකු ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා, එරට සිටින ශ්‍රී ලාංකික‍යන් පිළිබඳ ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඔහු පවසන්නේ, එරට සිටින විදේශ තානාපතිවරුන් සමඟ ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා සාකච්ඡාවක් ද කැඳවා ඇති බවයි.

ඊයේ(11) දිනය වන විට ඊශ්‍රායලය තුළ සිටි ශ්‍රී ලාකිකයන් තිදෙනෙකු පිළිබඳ අවධානය යොමු කළ බව තානාපතිවරයා සඳහන් කරයි.

ඉන් සුජිත් ප්‍රියංකර නමැති ශ්‍රී ලාංකිකයා තුවාල ලැබීම නිසා ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිට ව ගොස් ඇත.

රෝහලෙන් පිට ව ගිය ද ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සහ ඔහු ගැන නිරන්තරයෙන් තානාපති කාර්‍යාලය විමසිල්ලෙන් සිටින බව ද තානාපතිවරයා සඳහන් කළේය.

එසේම අතුරුදන් වූ තවත් කාන්තාවක් සහ තරුණයකු පිළිබඳ තවම ආරංචියක් නොලැබුණු බව ද තානාපතිවරයා අවධාරණය කරයි.

මීට අමතර ව ගාසා තීරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු අද දින එම ස්ථානවලින් ඉවත් වී ඇති බව ද තානාපතිවරයා සඳහන් කරන අතර, ඉන් දෙදෙනෙකු දැනටමත් ඒ බව තානාපති කාර්‍යාලය දැනුම්වත් කර ඇති බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *