අඛණ්ඩව දෙවන දිනයටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී තිබිණ.
ඒ අනුව ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1,914කි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531ක් වාර්තා වී තිබේ.
කළුතරින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 116ක්.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ සිටි දේශීය පුද්ගලයින් ය.
මෙරටින් වාර්තා වන කොවිඩ් -19 අසාදිතයින් ගණන මේ වනවිට 115,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 115,590කි.
එමෙන්ම ආසාදිතයින් 15,728 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සමස්ත ආසාදිතයින්ගෙන් 99,153 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
පසුගිය පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංගණය කළ පුද්ගලයින් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.