එම ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් මීගහවත්ත, රාගම, දොම්පේ යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.
ඊට අමතරව ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 287 දෙනෙකු වාර්තා විය.
ඊට අමතරව රත්නපුර 260ක්, කළුතර 155ක්, ගාල්ල 134ක්, නුවරඑළිය 123ක්, මහනුවර 93ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 91ක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
කොවිඩ් – 19 ආසාදිතයින් 2,284 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනුණි.
එම ආසාදිතයින්ගෙන් 2,259 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත්ය.
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් 25 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 225,922 දක්වා ඉහළගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් 190,464 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග තවත් ආසාදිතයින් 33,198 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.
තවත් කොවිඩ් ආසාදිත මරණ 57ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,260 දක්වා ඉහළගොස් තිබේ.
ඒ අනුව ජුනි මස 12 සහ 13 යන දෙදින තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදුව ඇත.