සිපොට්කෝ සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට තිරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්ට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දමනු ඇත.
එමෙන්ම ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 07කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 12කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමනු ලබන බවයි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.157ක් වන් අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 184ක් වේ.
ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 111ක් සහ සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 144ක් වේ.
භූමිතෙල් ලීටරයක නව මිල රු. 77ක් වේ.
මේ අතර මෙම මිල ගණන්වලට සමාන වන ලෙසට ලංකා ඉන්දීය ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.