ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තවත් භාණ්ඩ කිහිපයක මිල ඉහළට…

ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව භාණ්ඩ හා සේවා කිහිපයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය (AICOA) පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ බත් පැකට් මිල 10% කින් ඉහළ දමා ඇති බවයි.

කෙසේ වෙතත් අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා නොමැති බව අසේල සම්පත් මහතා පැවසීය.

මේ අතර ආනයන අපනයන භාණ්ඩ බහාලුම් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමා තිබේ.

සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රවාහන බහාලුම් ප්‍රවාහන ගාස්තු 35% කින් වැඩි කරන බව නිවේදනය කළේය.

ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *