ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉවත් වී තිබේ.
එම සංගමය පවසන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අරඹා ඇති බවයි.
ඉන්ධන බෙදා හැරීම සදහා වන ප්‍රවාහන ගාස්තු 60%කින් ඉහළ දමන්නැයි කළ ඉල්ලිමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙම වාර්ජය අරඹා ඇත.
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ ඉන්ධන මිල වැඩිවිම, ඩොලරය ඉහළ යාම, ලිහිසි තෙල් මිල 75% කින් ඉහළ යාම, ටයර් මිල වැඩිවීම ඇතුලු කරුණු කිහිපයක් නිසා මෙම ප්‍රවාහන ගාස්තු වැඩිවීමට ඉල්ලීමක් කළ බවයි.
පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින් මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබයි.