කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සහ සපුගස්කන්ද A සහ B බලාගාරවල ඉන්ධන නොමැතිකම හේතුවෙන් මෙගාවොට් 370ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ඉන්ධන නොමැතිකම හේතුවෙන් ඊයේ දිනයේ විදුලි උත්පාදනය ඇණහිට ඇති අතර එමඟින් මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි විය.
මීට අමතරව ඉන්ධන අවසන් වීම හේතුවෙන් සපුගස්කන්ද A සහ B බලාගාර අද පෙරවරුවේ යළිත් අක්‍රිය වූ අතර ඒ හේතුවෙන් මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් අහිමි විය.
ඒ අනුව මේ වන විට මෙගාවොට් 370ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
දිවා කාලයේ ජල විදුලිය මගින් මෙම හිඟයන් පියවනු ඇති නමුත් රාත්‍රී කාලයේ මෙම තත්ත්වය හේතුවෙන් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව වාර්තා වේ.