ඉන්ධන නැව් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් නැති බව රජය පවසයි

කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති ඉන්ධන නෞකා තුනක් මුදා හැරීමට අවශ්‍ය මුදල් රජයට නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු ඩේලි මිරර් වෙත පැවසුවේ රජයට මුදල් ඇත්තේ එක් ඉන්ධන නැවක ගෙවීමට පමණක් බවයි.

එක් නෞකාවකින් පෙට්‍රල් ගොඩබෑම සඳහා මුදල් නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඩීසල් සහ ඉන්ධන අඩංගු අනෙක් නැව් දෙක මුදා හැරීමට ප්‍රමාණවත් මුදල් නොමැති බව ප්‍රකාශ කළේය.

ඉන්ධන සඳහා ගෙවීමට රජය සතුව ඇමරිකානු ඩොලර් නොමැති බව පැවසූ අමාත්‍ය ගම්මන්පිල, එමගින් නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ඉන්ධන අවසන් වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීය.

රට තුළ පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වලට සීමිත සැපයුමක් යටතේ ඉන්ධන බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

මීට පෙර එක් ස්ථානයකට ඉන්ධන බවුසර් 3ක් යැවීමට කටයුතු කළ නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට යවන්නේ ඉන්ධන බවුසර් එකක් හෝ දෙකක් පමණක් බව ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *