ඉන්දීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරයි.

ඉන්දීය ආයෝජන පිළිබඳ සාකච්ඡාවේදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන චක්‍රලේඛ වහාම සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඉන්දීය ආයෝජන සහයෝගීතාවය මත මෙරට සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම හමුවේදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

නියෝජ්‍ය මහ කොමසාරිස් Vinod K.jacob ද සහභාගී විය. ඉන්දීය ආයෝජන යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක ප්‍රගතියට මතුව ඇති බාධාවන් විසඳීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජයන් විසින් වරින් වර නිකුත් කරන ලද චක්‍රලේඛවල අන්තර්ගත ප්‍රතිපාදන සංවර්ධනයට බාධාවක් වන්නේ නම් ඒවා නිවැරදි කිරීමේ අවශ්‍යතාව ජනාධිපති වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *