ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආදේශක ඩොනියර්-228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් නිල වශයෙන් භාරදීම ඊයේ (16) කටුනායකදී පැවති උත්සවයකදී සිදු විය.
එය නිල වශයෙන් පිළිගනු ලැබුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා විසිනි.
2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට භාර දුන් ඩොනියර්-228 ගුවන් යානය අනිවාර්ය වාර්ෂික නඩත්තුව සඳහා ඉන්දියාවට යවන ලදී.