දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීමට අද (18) සවස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ සිටින අතර ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරයි. මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ නව දිල්ලිය බලා මෙම විශේෂ ගුවන් යානය පිටත් කර යැවීමට නියමිතව තිබේ.