ඉන්දියාව මුහුදු පතුලේ සිට න්‍යෂ්ටික හැකියාවක් සහිත මිසයිලයක් අත්හදා බලන ලදී. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට K4 නැමති මෙම බැලිස්ටික් මිසයිලය, සබ්මැරීනයක් ආධාරයෙන් අත්හදා බලා ඇති අතර ඊට කිලෝ මීටර 3500 ක් දුරින් පිහිටි ඉලක්කයක් වෙත පහරදිය හැකි බවට වාර්තා වේ. ආන්ද්‍රා ප්‍රදේශ් ආශ්රිත සාගර පතුලේ සිට මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුකළ බව වැඩි දුරටත් වාර්තා වේ. මීට පෙරද මෙම මිසයිලය අත්හදා බැලුවත් එහි උපරිම දුර වූයේ කි.මී. 2,200 ක් පමණි.
K4 මිසයිලවලට පසුව කිලෝමීටර 5000 ත් 6000 ත් අතර ඉලක්කයන් වෙත පහරදීමට හැකියාව ඇති K5 සහ K6 මිසයිල ද හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.