‘ඇෆලටොක්සීන්‘ නමැති පිළිකා කාරකය පසුගිය දා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවලත් අඩංගු බවට තහවුරු වී තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සාම්පල පරීක්ෂා කර ඇත. එම බවුසරය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන පසුව රේගුවට භාරදෙන ලදි.
රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ සාම්පලවලට අදාළ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් පැවසීය.